WhatsApp Image 2024 01 18 at 12.43.52

තමන් විනෝදයට දේශපාලනය නොකරන බවත්, රටේ වර්තමාන තත්ත්වය අවබෝධ කර ගනිමින්, ජනතාව වැටි තිබේන ආර්ථික අවපාතයෙන් ගොඩ ගැනිම සදහා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ගත හැකි සැම ක්‍රියාමාර්ගයක්ම ගනිමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මිරිදිය ධීවර සංගම් කිහිපයක නියෝජිතයින් අමතා 2024.01.17 දින කිලිනොච්චියේ දි පැවසිය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, පසුගිය කාලයේ ධීවර කර්මාන්තය ඇතුලු රටේ සැම ක්ෂෙත්‍රයක්ම පසුබැමකට ලක්වුණා. මිරිදිය හා කරදිය ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන් සඳහා ලබාදිය හැකි සහන මෙන්ම ආධාර ද පසුගිය කාලයේ ලබා දුන් බව පැවසු අමාත්‍යවරයා, ඉදිරියේ දි තවත් සහන ලබා දිමට අපේක්ෂා කරන බවද පැවසිය.

දැනටමත් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ කාලින හා මධ්‍ය කාලින ජලාශවලට මත්ස්‍ය පැටවුන් මුදා හැරිමට කටයුතු සිදු කරමින් සිටින අතර, මේ වන විටත් පුට්ටුපාලම් වැවට මත්ස්‍ය පැටවුන් 130,000ක් මුදාහැර තිබෙන බවද පැවසිය. කාලින ජලාශවල රැකියාවේ නියැලෙන ධීවරයන්ට මාස 6ක්  ධීවර රැකියාව අහිමිවන බව තමන් අවබෝධ කර ගෙන ඇති අතර, එම කාලවලදි කෘෂිකාර්මික කටයුතුවල යෙදිමට අවශ්‍ය සහයෝගය ලබා දිමට ඉදිරියේ දි කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි පැවසිය.

WhatsApp Image 2024 01 18 at 12.44.44

නවතම පුවත්

Youtube