WhatsApp Image 2024 01 17 at 3.25.22 PM

මුහුදු ආහාර නිෂ්පාදනය හා අපනයනය කිරීමේ සමාගමක් වන CM Blue Crabs පෞද්ගලික සමාගම කකුළුවන් ඇසුරුම් කිරීමේ කර්මාන්තශාලාවක් 2024.01.16 වැනි දින මන්නාරම් ප්‍රදේශයේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

දේශීය ධීවරයින්ගෙන් මිල දී ගන්නා කකුළුවන් සකස් කර ඇසුරුම් කිරීමෙන් අනතුරුව, ඔවුන්ගේ ප්‍රධාන කර්මාන්ත ශාලාවට යැවීම මෙම කර්මාන්ත ශාලාව හරහා සිදු කරනු ලබයි.

මෙම ආයතනය විසින් මන්නාරම දිස්ත්‍රික්කයේ පේසාලෙයි ප්‍රදේශයේ, ටින් මාළු කර්මාන්ත ශාලාවක්, අයිස් කර්මාන්ත ශාලාවක් සහ මාළු කෑම නිෂ්පාදනාගාරයක් ආරම්භ කර ඇති අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම මත්ස්‍ය තෙල් කර්මාන්ත ශාලාවක් ද ආරම්භ කොට ඉතා සාර්ථකව පවත්වාගෙන යමින් සිටී.

මෙම ආයතනයෙන් 800ත් 1000ත් අතර පිරිසකට රැකියා අවස්ථා සැපයීමට හැකියාව ලැබී ඇත. දිවයින පුරා ශාඛා 22ක් ක්‍රියාත්මක වන මෙම සමාගම මන්නාරම දිස්ත්‍රික්කයේ කාන්තාවන් මූලික කර ගත් පවුල් 200 කට රැකියා අවස්ථා ලබාදීමට ද කටයුතු කර ඇත.

පසුගිය වසර 5ක පමණ කාලයක සිට මුහුදු ආහාර නිෂ්පාදනයේ යෙදී සිටින CM Blue Crabs ආයතනය, ඇමෙරිකාව වැනි රටවලට මුහුදු ආහාර සකස් කර අපනයනය කිරීම හරහා විශාල වශයෙන් විදේශ විනිමය ඉපයීම ද විශේෂත්වයකි.

මෙහිදී කථා කල ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, මෙවැනි ආයතන ශ්‍රී ලංකාවට මේ මොහොතේ ඉතා අත්‍යවශ්‍ය වන ආයතන බවත්, ශ්‍රී ලංකාවට ඩොලර් ගෙන ඒමට නම් මෙවැනි ආයතන තව තවත් ආරම්භ කළ යුතු බවත්, මෙරට ව්‍යාපාරික ප්‍රජාවට මෙවැනි ව්‍යාපාර ආරම්භ කිරීමට තමන් ඇරයුම් කරන බව ද පැවසීය.

WhatsApp Image 2024 01 17 at 3.25.24 PM

WhatsApp Image 2024 01 17 at 3.25.25 PM

නවතම පුවත්

Youtube