WhatsApp Image 2024 01 16 at 1.57.39 PM

මන්නාරම් දිස්ත්‍රික්කයේ ධීවරයන්ගේ ජීවනෝපාය සම්බන්ධයෙන් මතු වී ඇති ගැටළු පිළිබඳ සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.01.14 වන දින මන්නාරම් දිස්ත්‍රික් ධීවර දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මන්නාරම් දිස්ත්‍රික්කය තුල, ඉන්දීය ධීවරයින් විසින් සිදු කරන ධීවර කටයුතු හේතුවෙන් සිදුවන බලපෑම, සුළං බලාගාර ව්‍යාපෘතියේ දෙවන අදියර හේතුවෙන් ධීවරයන්ට ඇති වී තිබෙන බලපෑම හා දිස්ත්‍රික්කයේ සිදුවන නීතිවිරෝධී ධීවර කටයුතු පිළිබදව මෙහිදී අමාත්‍යවරයා සමග සාකච්ඡා කෙරිණි

තවද මුහුදු කූඩැල්ලන් හා ඉස්සන් වගා පොළවල් නිසා ධීවරයන්ට ඇතිවන නොයෙකුත් බාධා ගැන සොයා බලා සහනාධාර ලබා දීමේදී ඇතිවන ප්‍රමාදය පිළිබදවත් අවධානය යොමු කරන ලදි.  එම අවස්ථාවේ මන්නාරම් දිස්ත්‍රික්කයේ දියත් කරන නීති විරෝධී ධීවර කටයුතු වන ඩයිනමයිට්, සුරුක්කු දැල්, කිමිදුම් වැනි දේවල් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස නාවික හමුදාවට අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

තවද, ධීවර සංගම් විසින්ද නාවික හමුදාවට මෙම නීතිවිරෝධි ධීවර කටයුතු  නැවැත්වීමට අවශ්‍ය සහාය ලබා දීම අත්‍යවශ්‍ය වන බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එමෙන්ම, ඉන්දීය ධීවරයන්ගේ ජීවිතයට තර්ජනයක් නොවන ආකාරයට ඉන්දීය ධීවර යාත්‍රා වලින් සිදුවන ධීවර කටයුතු නැවැත්වීමට ක්‍රියා කල යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ඉන්දීය බොටම් ට්‍රෝලිං ක්‍රමය ගැන ඉන්දීය දේශපාලඥයින් සමග සාකච්ඡා කරන බවද පැවසීය.

නවතම පුවත්

Youtube