WhatsApp Image 2024 01 15 at 08.57.08ලෝක හින්දු ජනතාව විසින් ඉතාමත් උත්සවශ්‍රීයෙන් සමරන තෛපොංගල් දිනයේ ප්‍රධාන නිමිත්ත වනුයේ සූර්ය දිව්‍යරාජයාට නමස්කාර කරමින් සාරවත් කෘෂිකාර්මික පළදාවක් උදාකරගැනීම හා ජන ජීවිතවල සතුට සමාදානය වසර පුරා පැතිරේවායි., යන උතුමි ප්‍රාර්ථනාව මුල්කරගෙන කරන්නා වු විශේෂ සූර්ය දිව්‍යරාජ නමස්කාර පූජාවකි.

මෙම සම්ප්‍රදායික උත්සවය මෙරට හින්දු බැතිමතුන් ඉමහත් උත්සවශ්‍රීයෙන් සමරති.

ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂයේ සහෝදර සහෝදරයින් වැඩි පිරිසක්ද මෙම උත්සවය ඉතා ඉහලින් සමරන බව අප දන්නා අතර මේ තුළින් සිය ජීවිත වල සෞභාග්‍ය උදාවන බව ඔවුන්ගේ උතුම් ධර්මතාවයයි.

අප පක්ෂයේ සියලු දෙනාට මෙන්ම මෙරට සියලු හින්දු බැතිමතුන්ගේද මෙම උතුම් ප්‍රර්ථනාවන් ඉටු වේවායි., ප්‍රාර්ථනා කරන අතර හින්දු බැතිමතුන්ගේ මෙම උසස් පූජාව තුළින් පැතිරෙන්නා වු නිර්මල, චෛතසික, සිද්ධාන්ත තුළින් සමස්ථ ශ්‍රී ලංකා වාසින්ටත්, අප රටටත් සෞභාග්‍ය, සමාදානය හා සංහිදියාව පිරි ශ්‍රී ලංකාවක් මෙම වසරේ උදාවේවායි..! ධීවර අමාත්‍ය, ඩග්ලස් දේවානන්දා මහතා එක සිතින් ප්‍රාර්ථනා කරමි.

නවතම පුවත්

Youtube