DSC 0203දේශීය ටින්මාළු කර්මාන්තය නැංවීම සඳහා  විදේශයන්ගෙන් ටින්මාළු ගෙන්වීම 2024.01.11 දින සිට තාවකාලිකව නැවැත්වීමට කටයුතු කරන ලෙස ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා වෙත උපදෙස් ලබා දෙන ලදි.

2024.01.11 වන දින ධීවර අමාත්‍යාංශයේදී ටින්මාළු නිෂ්පාදකයන්ගේ සංගමයේ නියෝජිතයන් හා අමාත්‍ය දේවානන්දා අතර පැවති සාකච්ඡාවේදී වර්ථමානයේ ටින්මාළු කර්මාන්තය මුහුණ දී තිබෙන ගැටළු රැසක් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

ඉන් ප්‍රධානතම ගැටළුව වුයේ, පසුගිය මාස කිහිපය තුල ටින් මාළු විශාල ප්‍රමාණයක් විදේශිය රටවලින් ගෙන්වීම හේතුකොට ගෙන දේශීය වෙළදපොල තුල දේශීය ටින්මාළු අලෙවි කර ගැනීමට නොහැකි වී තිබේ. විශේෂයෙන් විදේශයෙන් ගෙන්වන ලද ටින් මාළු වල මිල අඩු වී ඇති බවත් වර්ථමානයේ රජය විසින් පනවා ඇති වැට් සහ සෙස් බදු හේතුවෙන් තමන්ට ආනයනික ටින් මාළු ලබා දෙන මිළට සිය  නිෂ්පාදන ලබා දීමට නොහැකි බැවින් සිය කර්මාන්තශාලා  මේවන විට වසා  දැමීමට සිදු වී ඇති බවත් එම නියෝජිතයන් විසින් අමාත්‍යවරයාට පෙන්වා දෙන ලදි.

ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා අද දින සිට ටින් මාළු ගෙන්වීම තාවකාලිකව නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දුන් අතර දැනට ගෙන්වා ඇති ටින් මාළු සදහාද අමතර බද්ධක් අයකිරීමට සුදුසු පියවරයන් පිළිබදව සොයා බලා තමන්ට වාර්ථාවක් ලබා දෙන ලෙසද අමාත්‍යාංශ ලේකම්තුමිය වෙත උපදෙස් ලබා දෙන ලදි.

ශ්‍රී ලංකාවේ මාළු මිල ඉහළ යන කාලවලදී ටින්මාළු සදහා මාළු ගෙන්වීම ලංකාවේ ටින්මාළු නිෂ්පාදකයන්ට ලබා දීමට කටයුතු කරන ලෙස අධ්‍යක්ෂක ජනරාල්වරයාට  උපදෙස් දුන් අමාත්‍යවරයා ටින් මාළු නිෂ්පාදකයන්ගේ තවත් ගැටළු කිහිපයක් සදහාද විසදුම් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යාංශයේ ලේකම් කුමාරි සෝමරත්න, අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, ධීවර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන අනුෂා ගෝකුල, ධම්මික රණතුංග යන මහත්ම මහත්මීන් සහභාගී විය.

 

 

නවතම පුවත්

Youtube