DSC 0193

2024 වර්ෂයේ මිරිදිය කර්මාන්තය නැංවිම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ උපදෙස් පරිදි ධීවර අමාත්‍යංශය හා ජලජිවි වගා සංවර්ධන අධිකාරි මගින් සකස් කොට ඇති උපාය මාර්ගික සැලසුම් පිලිබඳව සාකච්ඡාවක් 2024.01.10 වන දින ධීවර අමාත්‍යංශයේ දි පැවැත්විය.

ශ්‍රි ලංකාවේ ප්‍රධානතම මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානය වන උඩවලව, දඹුල්ල සෙවනපිටිය, රම්බඩගල්ල, ඉගිනියාගල ඇතුළු අභිජනන මධ්‍යස්ථාන සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් මෙම වසර සඳහා වෙන් කර ඇති බවත්, ඒ යටතේ අලුතින් මිරිදිය මත්ස්‍ය අභිජනනය ව්‍යපෘති අරම්භ කරන ලෙසත්, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සාර්ථකව අවසන් කලයුතු බවටත් අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය

විශේෂයෙන්, උතුරු පළාත සදහා පසුගිය අයවැයෙන් වෙන් කල රුපියල් මිලියන 500ක මුදල සඳහා ව්‍යපෘති සකස් කොට තමා වෙත ඉදිරිපත් කරන ලෙස ද උපදෙස් දුන්නේය.

මිරිදිය මත්ස්‍ය වගාව හරහා විදේශ මුදල් විශාල ප්‍රමාණයක් දේශිය ආදායමට එකතු කර ගැනිමට ජනාධිපතිතුමා බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා නිලධාරින් කැප විමෙන් කටයුතු කල යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය.

පසුගිය වසරේ කර ඇති ව්‍යපෘති පිලිබද පසු විපරමක් කොට ඒවායේ වාර්තාවක් තමාට හැකි ඉක්මණින් ලබා දෙන ලෙස උපදෙස් දුන් අමාත්‍යවරයා, තමන් ප්‍රධාන අභිජනන මධ්‍යස්ථාන වන උඩවලව, ඉගිනියාගල, රම්බඩගල්ල, සෙවනපිටිය ආදි ස්ථාන වල සංචාරයක නිරත විමට අපේක්ෂා කරන බවත්, ඒවායේ පවතින අඩුපාඩු සොයා බලා ඒවාට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් කුමාරි සෝමරත්න මෙනවිය, නැක්ඩා ආයතනයේ සභාපති මහාචාර්ය ජයන්ත විජේරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල් අසෝකා මහත්මිය, ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි වුහ.

නවතම පුවත්

Youtube