WhatsApp Image 2024 01 01 at 12.13.272024.01.01 දින ධීවර අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරිමේ උත්සවයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසා සිටියේ, අතිගරු ජනාධිපතිතුමා 2024 අයවැය මඟින් රුපියල් මිලියන 8400 ක මුදලක් ධීවර අමාත්‍යාංශයට වෙන් කර ඇති බවයි.

මෙරට ධීවර ජනතාවගේ සංවර්ධනය උදෙසා විශාල වැඩ කොටසක් අමාත්‍යාංශය විසින් සිදු කල යුතුව ඇති බවත්, අමාත්‍යංශයේ නව ලේකම්තුමිය ඇතුළු සියලු කාර්ය මණ්ඩලය ඒ සදහා ඉතා කාර්යක්ෂමව හා කැපවිමෙන් කටයුතු කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බවත් පැවසීය.

පසුගිය වර්ෂවල තමාට ඉමහත් සහායක් ලබා දුන් සනත් නිශාන්ත, කංචන විජේසේකර, ඩි. වී. චානක යන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන්ටද වර්තමාන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මැතිතුමාව ද තමා මේ අවස්ථාවේ සිහිපත් කරන බවත්, එසේම වසර 4ක් අමාත්‍යාංශ ලේකම් ලෙස සේවය කර විශ්‍රාම ලැබු ඉන්දු රත්නායක මහත්මිය තම අමාත්‍යාංශ කටයුතු සදහා විශාල සහායක් ලබා දුන් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම වසරේදී සිය රාජකාරිය නිසි ලෙස ඉටු කිරිමට සියලුම කාර්ය මණ්ඩලයට ශක්තිය ධෛර්ය ලැබේවා යි එතුමා ප්‍රර්ථනා කළ අතර, ගරු ජනාධීපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රට සංවර්ධනය කිරිමේ වැඩපිළිවෙළට ධීවර අමාත්‍යාංශය ලෙස උපරිම සහයෝගය ලබා දිමට තමා ඇතුළු කාර්ය මණ්ඩලය කටයුතු කරන බවද එතුමා ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ධිවර අමාත්‍යංශයේ නව ලේකම් කේ.එන් කුමාරි සෝමරත්න මෙනවිය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සහ ධීවර අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවල උසස් නිලධාරිහු පිරිසක් සහභාගි වූහ. 

WhatsApp Image 2024 01 01 at 12.13.29

 

නවතම පුවත්

Youtube