DSC 0419 1 12023.12.13 වැනි දින නාරා ආයතනයේ පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය හා ආහාර සුරක්ෂිතතාවය මෙන්ම තිරසාර ධීවර කර්මාන්තය යන මාතෘකාව යටතේ, නාරා ආයතනයේ පැවැති වාර්ෂික විද්‍යාඥයිගේ සැසියේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටියේය.

ධීවර ජනතාව මුහුණ දෙන ප්‍රශ්න සහ ඔවුන්ගේ ගැටළු විසදීම සදහා එම ගැටළු ඉලක්ක කරගෙන ගැටළු විසදීමේ ව්‍යවහාරික පර්යේෂණ පැවැත්වීම හා ඒවා ක්‍රියාත්මක කිරීම, මෙම වැඩමුළුව තුළින් සාකච්ඡා වීම අතිශය වැදගත් බවත්, ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට හා ජනතාවගේ යහපැවැත්ම උදෙසා නාරා විද්‍යාත්ඥයින්ට ඉමහත් දායකත්වයක් ලබාදිය හැකි බව තමන් විශ්වාස කරන බව ද පැවසීය.

ධීවර ප්‍රජාව සහ ධීවර කර්මාන්තයේ යෙදෙන සියලුම පාර්ශවකරුවන්ට අවශ්‍ය විද්‍යානුකූල මග පෙන්වීම සහ දත්ත සොයා දීම නාරා ආයතනයේ වගකීම බවත්, ඒ සදහා පුත්තලම, ගම්පහ, කළුතර, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල පිහිටුවා ඇති නාරා ආයතනයේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථාන තුළින් එම ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා බවද ප්‍රකාශ කළේය.

නාරා ආයතනය ධීවර අමාත්‍යංශය යටතේ ඇති පර්යේෂණ ආයතනයක් ලෙස අරමුණු රැසක් ක්‍රියාත්මක කරන බවත්, නාරා ආයතනයට අයත් ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුලු එම ආයතනයේ අනෙකුත් සියලු අංශ වල සහයෝගයෙන් මෙම ගැටලු විසදීමට කටයුතු කරමින් සිටින බවද පැවසීය.

එසේම, ධීවර සහ සාගර ක්ෂේත්‍රයතුළ මතුවන පාරසරික ගැටළු විසදීම සදහා පර්යේෂණ ව්‍යාපෘති සැළසුම් කිරීම මෙම ආයතනයේ වගකීම බව ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ධීවර ප්‍රඡාවගේ හා රටේ ආර්ථික සංවර්ධනයට මෙන්ම සමාජ ආර්ථික උන්නතියට සහයවීම සදහා ඉදිරි වසර තුළදි මෙවැනි පර්යේෂණ ආයතන මෙන්ම, විශ්වවිද්‍යාලද මුල් කර ගනිමින් අවශ්‍ය පර්යේෂණ වැඩපිළිවෙල සකස් කිරීම නාරා ආයතනයේ වගකීම බවද ඒ සදහා ධීවර විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාගේ සහ අමාත්‍යංශය සතු සියලුම ආයතනවල සහයෝගය ලබාදීමට කටයුතු කරන බවද ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට සහභාගි වු ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කර සිටියේ අමාත්‍යංශයේ සියලු ආයතන ඒකාබද්ධව ප්‍රවේශයකට ගෙන වැඩ කටයුතු කිරීම තුළින් ධීවර ක්ෂේත්‍රයේ විශාල ප්‍රගතියක් උදාකරගත හැකි බවයි.

මෙම අවස්ථාවට මහජන චීන සමුහාණ්වේ පර්යේෂකයින් හා ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් ද ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක, නාරා ආයතනයේ සභාපති ජයන්ත විජේරත්න, අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් මහතා ඇතුලු පිරිසක් සහභාගි විය.

DSC 0344

DSC 0470

DSC 0421

නවතම පුවත්

Youtube