WhatsApp Image 2023 12 04 at 12.14.282

කිලිනොච්චි කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පුදුමුරිප්පු ප්‍රදේශයේ පිහිටුවා ඇති මිරිදිය පොකුණුවලට මත්ස්‍ය පැටවුන් ලක්ෂ 02ක් නිදහස් කිරීමේ වැඩසටහන යටතේ, ඉකුත් 19 වැනි දින එහි පළමු අදියර යටතේ මත්ස්‍ය පැටවුන් 150,000ක් ද නිදහස් කරන ලදි.

එම ව්‍යාපෘතියේ දෙවනි අදියර යටතේ, පසුගිය 4 වන දින, මත්ස්‍ය පැටවුන් 50,000ක් ද ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධාන්තවයෙන් නිදහස් කරන ලදි.

මෙම අවස්ථාවේදි, පුදුමුරිප්පු මිරිදිය මත්ස්‍ය අභිජණනාගාරයේ ක්‍රියාකාරිත්වය සහ එහි ප්‍රගතිය පිළිබඳව සොයා බැලු අමාත්‍යවරයා, එහි සංවර්ධනය උදෙසා අනාගතයේ ගතයුතු පියවර පිළිබඳව ද නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

මෙම අවස්ථාවට ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීහු, උතුරු පලාතේ ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ උතුරු පලාත් කාර්යාලයේ අධ්‍යක්ෂකතුමන්, ඉංජිනේරුවරුන් ඇතුළු ධීවරයන් පිරිසක් සහභාගි වූහ.

නවතම පුවත්

Youtube