DSC 0497

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලී චංග් මහත්මිය 2023.11.29 වැනි දින ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ධීවර අමාත්‍යංශ කාර්යාලයේදි හමු විය.

මෙම හමුවේදී ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා ඇමරිකානු රජයේ සහයෝගය ලබාගැනීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් ඇතුළු ජලජීවි වගාව සංවර්ධනය කිරීම හා ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීම උදෙසා ඇමරිකානු රජයේ සහයෝගය අත්‍යවශ්‍ය බව ධීවර අමාත්‍යවරයා විසින් තානාපතිවරියට මෙහිදි දැනුම් දෙන ලදි. ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය කිරීම උදෙසා විශේෂයෙන් ධීවර කර්මාන්තය දියුණු රටවල සහයෝගය අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයාට පෙන්වා දුනි. දැනට පවතින නීතිරීති සංශෝධනය කරමින් ලෝක ආහාර සංවිධානයේ සහයෝගය ඇතිව නව ධිවර පනතක් කෙටුම්පත් කෙරෙන බවත් එය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසීය.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස් වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය දියුණු කිරීමට ආර්ථික වශයෙන් සහ තාක්ෂණික වශයෙන් ඇමරිකාවට ලබා දියහැකි සියලු සහයෝගය ලබා දීම කටයුතු කරන බවද සඳහන් කළාය.

මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.

DSC 0501

DSC 0505 1

නවතම පුවත්

Youtube