WhatsApp Image 2023 11 29 at 12.12.08

ධීවර ජනතාවට පවතින ඉන්ධන ප්‍රශ්නය සහ ධීවර උපකරණ වල මිල ඉහළ යාම ආදි සියලු ප්‍රශ්න පිළබඳ තමා විසින් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති බවත්, එතුමා ඒ සියලු ප්‍රශ්න සදහා කඩිනමින් විසදුම් ලබා දෙනු ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඒ මහතා මේ බව පවසා සිටියේ 2023.11.28 දින දික්ඕවිට ධිවර වරායේ පැවති ඩයලොග් ආයතනය විසින් සයුරු මෘදුකාංගය (app) හදුන්වා දිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

පසුගිය වසරවල මුහුණ දීමට සිදුවු කොවිඩ් වසංගතය,ආර්ථික ව්‍යසනය වැනි කරුණු හේතුවෙන් අර්බුදයට පත්ව තිබු රට වර්තමාන තත්ත්වයට ගෙන සම්බන්ධයෙන් ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ස්තූතිවන්ත වන බව පැවසු අමාත්‍යවරයා මෙරට ධීවර ප්‍රජාවගේ තත්ත්වය ජාත්‍යන්තර මට්ටමට ඉහල නැංවීම සදහා වර්තමාන රජය කටයුතු කරන බවද පැවසීය.

ඩයලොග් ආයතනය හඳුන්වා දෙන සයුර මෘදුකාංගය (app) තුළින් කාලගුණික තත්වයන් හා සයුරේ පවතින තත්වයන් පිළිබඳව දවසේ පැය විසිහතර පුරා දැන ගැනීමට ලැබිම තුළින් ධීවර රැකියාව ආරක්ෂිතව කරගෙන යාමට ලැබීම ධීවරයින්ට මහගු රුකුලක් වන බවද පැවසීය.

මෙම මෘදුකාංගය පිළිබඳව දැනුවත් කිරීමට පැමිණි ඩයලොග් නියෝජිතයින්ගෙන් මුහුදේ මාළු සම්පත ගැවසෙන ස්ථාන පිළිබදව තොරතුරු කල් ඇතිව ධීවරයන්ට දැනගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස තමා ඉල්ලා සිටි බවත් ඒ  පිළිබදව අවධානය යොමු කොට, ඒ සදහා වැඩපිලිවෙළක් කඩිනමින් සකස් කරන බවට ඒ ආයතනය පොරොන්දු වු බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙහිදී ඩයලොග් ආයතනය, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එකාබද්ධ වී කටයුතු කරන බව පැවසු අමාත්‍යවරයා ඩයලොග් ආයතනයට අවශ්‍ය සියලු සහයෝගය සිය අමාත්‍යංශය ලබා දීමට කටයුතු කරන බවද වැඩිදුරටත්  පැවසීය.

මෙම අවස්ථාවේ දි සහභාගි වු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ(මෙහෙයුම්) කල්‍යානි හේවාපතිරණ, ඩයලොග් ආයතනයේ කළමනාකරණ අධ්‍යක්ෂ(තාක්ෂණ) තරූෂ වනිගසේකර යන මහත්ම මහත්මීන් අදහස් දැක්වූ අතර, ලංකා ධීවර වරාය නිතීගත සංස්ථාවේ සභාපති නිලංක ජයවර්ධන මහතා, එහි  කළමනාකාර අධ්‍යක්ෂක වඩිවෙල් සත්‍යානන්ද මහතා සහ සාමාන්‍යාධිකාරි ප්‍රසන්න මුදලිගේ මහතා ඇතුළු නිලධාරීහු රැසක් සහභාගි වූහ.

WhatsApp Image 2023 11 29 at 12.12.11

WhatsApp Image 2023 11 29 at 12.12.06

නවතම පුවත්

Youtube