WhatsApp Image 2023 11 22 at 12.26.11 PMධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Misukoshi Hidayaki) මහතා, ධිවර අමාත්‍යාංශයේ දී  හමු වු අවස්ථාවේ දී ධීවර කර්මාන්තය ඉහල නැංවීමට ජපන් රජයේ අනුග්‍රහය ලබා දෙන ලෙස සිදු කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් වල ධීවර කටයුතු සංවර්ධනය කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 03ක ප්‍රදානයක් ලබා දීමට ජපන් රජය පළ කර එකඟතාව අනුව, ඊට අදාල ගිවිසුම් අත්සන් කිරීම 2023.11.22 මුදල් අමාත්‍යාංශයේ දී සිදුවිය. 

මෙම ප්‍රදානය යටතේ, ශීතාගාර පහසුකම් සංවර්ධනය කිරීමට හා ධීවරයන්ට අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ ලබා දීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.

මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් අදාළ ගිවිසුමට අත්සන් තබන ලද අතර, මෙම අවස්ථාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හා ධීවර අමාත්‍යාංශයේ ලේකම් ඉන්දු රත්නායක යන මහත්ම මහත්මීහු සහභාගි වුහ.

WhatsApp Image 2023 11 22 at 12.25.51 PM

WhatsApp Image 2023 11 22 at 12.26.41 PM

 

නවතම පුවත්

Youtube