miniචින සමුහ ආණ්ඩුව විසින් ලංකාවේ ධීවර ප්‍රජාවේ ප්‍රයොජනය සදහා ප්‍රදානයක් වශයෙන් පිරිනැමුණු භුමිතෙල් යාත්‍රා හිමියන් සදහා නොමිලේ ලබාදිමේ වැඩසටහනේ පළමු අදියර 2023/05/23 දින පානදුර ධීවර වාරායේදි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා, ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා සහ මහජන චින සමුහණ්ඩුවේ ශ්‍රි ලංකා තනාපති කී.ෂෙන්හොංග් (QIZHENHONG) මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිනි.

මෙම වැඩසටහන යටතේ මහජන චින සමුහණ්ඩුව මගින් ඩිසල් ඉන්ධන ලබාදුන් අතර අමාත්‍යතුමාගේ මැදිහත් විම මත එය භුමිතෙල් වලට පරිවර්තනය කිරිම ඛණිජ තෙල් සංස්ථව මගින් සිදු කිරිමෙන් අනතුරුව, භුමිතෙල් ලිටර් මිලියන 4.5 ක් ලබා ගැනිමට හැකි වු අතර එහි වෙළදපොළ වටිනාකම රු.මිලියන 1080 ක් පමණ වේ.

මේ අනුව පළමු අදියරේදි කොළඔ, කළුතර, මාතර, හම්බන්තොට, කල්මුනේ, මඩකලපුව, මුලතිව්, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, මන්නාරම්, පුත්තලම, හලාවත හා ගම්පහ ඇතුලු ධීවර දිස්ත්‍රික් 15ක ලියාපදිංචි කල පිටත ඉන්ජිම සවිකරන ලද ධීවර යාත්‍රා 2,834 කට, රටපුරා ඉන්ධන හල් 96ක් මගින්, එක් බෝට්ටුවක් සදහා භුමිතෙල් ලිටර් 75 බැගින් ලිටර් 1,825,575 ක් ලබා දෙන ලදී. දෙවන අදියරේදී ධීවර යාත්‍රාවකට ලිටර් 78 බැගින් භුමිතෙල් ලබා දෙන අතර එක් යාත්‍රාවක් සදහා වැය කරන මුදල රු. 37,026ක් වේ. මෙම තොගයද රටපුරා ඉන්ධන හල් 96 මගින් ලබා දිමට පියවර ගන්නා අතර, මේ සදහා රජය වැය කරන මුදල් රු. මිලියන 60ක් වේ.

මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කයට යාත්‍රා 405 ක්ද, කළුතරට 455ක්ද, ගාල්ලට 116ක්ද, මාතරට 1,057ක්ද, හම්බන්තෙටට 1,050ක්ද, කල්මුනේ 1,129ක්ද, මඩකලපුවට 1,851ක්ද, ත්‍රිකුණමලයට 3,938ක්ද, කිලිනොච්චි 1,169ක්ද, යාපනය 5,952ක්ද, මන්නාරම 3,070ක්ද, මුලතිව් 1,523ක්ද, පුත්තලම 3,145ක්ද, හලාවත 1983ක්ද, ගම්පහ 1665ක්ද ලෙස ධීවර යාත්‍රා 29,059 ක් සදහා බෙදා හැරිම සිදු වෙමින් පවති.

පළමු අදියරේ භුමිතෙල් නොලබුණු ධීවර යාත්‍රා හිමිකරුවන්ගේ ඉල්ලිමි අනුව දෙවන අදියරේදි එම යාත්‍රා සදහා ඉන්ධන සහනාධාර ලබාදිමට නියමිතයි.

නවතම පුවත්

Youtube