regulationධිවර අමාත්‍යවරයා ලගදිම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට යෝජිත නව ධිවර පනත මගින් ජාතික ධිවර මහා සම්මේලනයේ බලතල වැඩිවන අතර සම්මේලනය හා ග්‍රාමීය ධීවර සමිති වල වගකිම ධිවර අමාත්‍යංශය සතුවන බවත් ජාතික ධීවර මහා සම්මේලයේ ප්‍රධාන ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළකර සිටියේ, 2023/09/27 දින ජාතික ධීවර මහා සම්මේලනයේ මාතර දිස්ත්‍රික් සංගමයේ නිළවරණය මාතර දෙවිනුවර පුරාණවැල්ල ධිවර වරායේ පැවත්විමේ අවස්ථාවට එක්වෙමිනි

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 1996 අංක 02 දරණ ධිවර පනත මගින් බලාත්මක කර තිබු ධිවර මහා සම්මේලනය, හිටපු ධිවර අමාත්‍ය රාජිත සේනාරත්න මහාතාගේ සමයේ අරම්භ වු නමුත්, එහි රෙගුලාසි පැනවිම මෙතෙක් සිටි කිසිදු ධිවර අමාත්‍යවරයකු විසින් සිදුකර නොතිබුණි. වර්තමාන ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ අදහසකට අනුව ඒ වෙනුවෙන් රෙගුලාසි පැනවිම දැන් අවසන් කර ඇති අතර, එය අමාත්‍යවරයාගේ අත්සනින් නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති අතර, එය ලැබුණු විගස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමැතිය ලබා ගැනිමට අමාත්‍යවරයා කටයුතු කරනු ඇති බවද පැවසිය.

තවද මෙරට ධිවර ජනතාව අනෙකුත් වෘත්තින් වල නියලෙන ජනකොට්ඨාශවලට වඩා වාසනාවන්ත වන බවත්, වෙනත් කිසිදු කෘෂිකාර්මික හෝ වතු කම්කරුවන්ට හෝ රාජ්‍ය හා සංස්ථා මටිටමේ කිසිදු වෘත්තිය සමිතියකට, තමන් සම්බන්ධ අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක වන වෘත්තිය සංගමයක් නොමැති අතර, ජාතික ධිවර මහා සම්මේලනය මගින් ඔබට එම අවස්ථව උදාවි ඇති බවද පැවසිය. තවද  මෙම සම්මේලනය මගින් ධිවර කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය නගාසිටුවිමට වැඩසටහන් ක්‍රියාත්මක කිරිමට අපේක්ෂා කරන බවත් ධිවරයාට මහ සයුරේදි සිදුවන කරදරයන් වලදි පෙනිසිටිමට උපකාර කිරිමට ජාතික ධීවර අපදා අරමුදලක් පිහිටුවිමට කටයුතු කරන බවත් පැවසිය.

මෙහිදි 2024 වසර සදහා නව නිළධාරි මණ්ඩලයක් තෝරාපත් කරගත් අතර, නව නිළධාරි මණ්ඩළය යටතේ සංගමයේ ඉදිරි කටයුතු මෙහෙයවිමට නියමිතය. මෙම අවස්ථාවට සම්මේලනයේ පාලක ලේකම් දිසානයක මහතා සහ මාතර දිස්ත්‍රික් සහකාර ධිවර අධ්‍යක්ෂ මධුසංක මහතා ඇතුලු පිරිසක් සහභාගිවිය.

.

නවතම පුවත්

Youtube