DSC 0996ඉන්දීයාව හා ශ්‍රී ලංකාව අතර ධීවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සම්බන්ධව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ (Dr. Satyanjal Pandey) මහතා අතර සාකච්ඡාවක් 2023.09.23 වන (අද දින) දින ධීවර අමාත්‍ය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාවට එක්වෙමින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් අචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ මහතා ඉන්දියාව හා ලංකාව අතර දිර්ඝ කාලීන මිතුදමක් පවතින බවත් නොයකුත් අවස්ථාවන් වලදී ඉන්දිය රජය ලංකාවට උදව් උපකාර කර ඇති බවද පැවසූ අතර ඉන්දීය ධීවර විද්‍යාඥයින් කණ්ඩායම විසින් ලංකාවේ ධීවර අංශය සංවර්ධනය කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.  විශේෂයෙන් මුහුදු කූඩැල්ලන්, කකුලුවන්, ඉස්සන් හා විසිතුරු මත්ස්‍යයන් ඇතිකිරීම යන අංශවලට අවශ්‍ය උපදෙස් හා තාක්ෂණීක සහය ලබා දීමට කටයුතු කල හැකි බවද පැවසු ඒ මහතා මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථාන ඉදිකිරිමට අවශ්‍ය තාක්ෂණික සහාය ලංකාවට ලබා දිමට තම රජය සුදානම් බවත්, උතුරු නැගෙනහිර පළාත් ඇතුළුව ලංකාවේ ජලජීවීන් වගා කිරීමට හැකියාව ඇති ප්‍රදේශ පිළිබදව සොයා බලා අවශ්‍ය කටයුතු සිදු කරන බවද  ප්‍රකාශ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ ජේෂ්ඨ විශේෂඥ ආචාර්ය ලෝචන වීරසිංහ මහතා ජලජීවී වගාවට සුදුසු ස්ථාන මෙම නියෝජිත කණ්ඩායම වෙත පෙන්වා ඔවුන්ට ඒ පිළිබදව අවබෝධයක් ලබා දීමට කටයුතු කරන බවද පැවසීය.

මෙම අවස්ථාවට එක්වෙමින් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ඉන්දිය රජය විසින් ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය වෙනුවෙන් ලබා දෙන සහාය දෙරට අතර මිත්‍රත්වය තවත් ශක්තිමත් වන බවත් ඉදිරියේදී දෙරට නියෝජිතයින් එක් වී මෙම ව්‍යපෘතිය සාර්ථකව අවසන් කිරීමට කටයුතු කළ යුතු බවත් පැවසීය. තවද මෙය  දිර්ඝ කාලින ව්‍යාපෘතියක් බැවින් ධීවර අංශය මෙන්ම අනෙකුත් අංශද දියුණු කිරිමට ඉන්දිය රජයේ ආධාර උපකාර තමන් බලාපොරොත්තු වන බවත් පැවසූ අමාත්‍යවරයා ඉන්දීය රජයෙන් අවශ්‍ය සහය ලබා දෙන ලෙසද ඉල්ලීමක් කලේය.

මේ අවස්ථාවට ධීවර අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය,ධීවර දෙපාර්තමේන්තුවේ,අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත, අමාත්‍යතුමන්ගේ උපදේශක මහාචාර්ය නවරත්න රාජා, නාරා හා නැක්ඩා ආයතන වල ප්‍රධානින් ඇතුලු නිලධාරින් පිරිසක් සහභාගි විය.

DSC 0978

DSC 0956

නවතම පුවත්

Youtube