349015496 207307668816034 2814305711465241842 nශ්‍රී ලංකාවේ සාගර සම්පත් විනාශ කිරීම දිගින් දිගටම සිදුවන බවත් එය නවතාලිමට ඉන්දීය ධීවරයන් කිසිදු අවස්ථාවක කටයුතු නොකරන බවත් එය ධීවර අමාත්‍යවරයා ලෙස තමන් තරයේ හෙලා දකින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඉන්දීය රාජ්‍ය නොවන සංවිධාන ධීවර පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක විවේකානන්දන් 2023.05.25 දින ධීවර අමාත්‍යංශයේදි හමු වු අවස්ථාවේ මේ බව පැවසීය.

මෙම හමුවේදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඉන්දීය ධීවරයන් සිදුකරන විනාශය නවතා ලීමට නොයෙකුත් අවස්ථාවල අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කලද තමිල්නාඩු ධීවරයන් කල් ගනිමින් ප්‍රශ්ණය මග හරිමින් සිටින අතර මෙලෙස මෙම ගැටලුව වසර 15ක් දක්වා ඈතට දිවෙන අතරම දිගින් දිගටම නීති විරෝධි ධිවර කටයුතු හා මුහුදු සම්පත් විනාශ කිරීම් වැනි දේවල් සිදු කරමින් සිටින නිසා ලංකා ධීවරයන්ගේ ජීවනෝපාය මාර්ගයට දැඩි බලපෑමක් ඇති වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මෙහිදි අදහස් දැක්වු විවේකා නන්දන් මහතා ඉන්දීය ධීවරයන්ගේ ලංකාවේ මුහුදු තීරය තුළ සිදුකරන විනාශය පිළිබදව පෙන්වීමට තමිල්නාඩුවේ කිසිදු කෙනෙකුත් නැති බව පැවසූ එතුමා මෙම ප්‍රශ්න විසදීමට තමන් නොයෙකුත් උත්සාහයන් ගත් බවත් නිති විරෝධි ධීවර කටයුතු වලටත්, කච්චතිව් ප්‍රශ්න වලටත් කිසිදු මැදිහත් වීමක් නොකලද මෙම ප්‍රශ්නය සමහර දේශපාලත්ඥයින් දේශපාලන වාසි සදහා යොදා ගන්නා බවත් දෙපාර්ශයම එක් වී සාධාරණ තීන්දුවට පැමිණ යුතු බවත් විවේකා නන්දන් මහතා ප්‍රකාශ කලහ.

නවතම පුවත්

Youtube