ජාත්‍යන්තර වගකීම් වලට අනුව කටයුතු කිරීම සහ ධීවර කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාව පියවර ගෙන තිබේ.

  • සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ 1982 දෙසැම්බර් මස 10 වන දින සම්මුතියට ප්‍රකාරව (UNCLOS) ශ්‍රිලංකාව 1994 ජුලි මස 19 වෙනි දින එහි පාර්ශවකරුවකු වශයෙන් අනුමත කර ඇත.
  • එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) වගකිවයුතු ධීවර කර්මාන්තයක් සඳහා වන චර්යා ධර්ම සංග්‍රහයට(CCRF) අනුකූලව ශ්‍රී ලංකාව කටයුතු කරනු ලබයි. තවද ධජ රාජ්‍ය කාර්ය සාධනය සඳහා වන ලෝක ආහාර හා කෘෂිකාර්ම සංවිධානයේ ස්වෙච්ඡා මාර්ගෝපදේශ හා ඉන්දියානු සාගර ටූනා කොමිසම (IOTC) වැනි කලාපීය ධීවර කළමණාකරණ සංවිධාන (RFMOs) හා අනෙකුත් අන්තර්ජාතික සංවිධාන සමඟ තිරසාර ධීවර කර්මාන්තයක් උදෙසා අනුග්‍රහයද දක්වනු ලැබේ. ශ්‍රී ලංකාව, ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ප්‍රාරම්භක සාමාජිකයෙකු වන අතර 1994 දී ඉන්දියානු සාගර ටූනා කොමිසමේ ගිවිසුමට එකඟතාවය පල කරන ලදී.
  • ඉතා බහුල වශයෙන් සංක්‍රමණික හා ස්ථානීය මත්ස්‍ය ගහණය (එක්සත් ජාතීන්ගේ මත්ස්‍ය තොග පිළිබඳ ගිවිසුම) පාලනය හා සංරක්ෂණය කිරීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සාගර නීති පිළිබද ප්‍රඥප්තියට අනුකූලව ක්‍රියාකිරීම සඳහා වූ 1982 දෙසැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු වශයෙන් එකඟ වී ඇත. ශ්‍රී ලංකාව විසින් එක්සත් ජාතීන්ගේ මත්ස්‍ය තොග පිළිබඳ ගිවිසුමද 1996 ඔක්තෝබර් මස 24 දින දී අනුමත කර ඇත.
  • නීති විරෝධී, වාර්තා නොවන හා නියාමනය නොකරන ලද ධීවර කර්මාන්තය වැළැක්වීම, බාධා කිරීම හා ඉවත් කිරීමේ අරමුණින් යුතුව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය මගින් වර්ෂ 2016 දී බල පැවත්වෙන පරිදි, වරාය රාජ්‍යයන්ගේ වැඩපිළිවෙල සඳහා වු ගිවිසුමට, ශ්‍රී ලංකාව වර්ෂ 2011 දී ඇතුළත් වූ අතර, එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වූ රාජ්‍යයන් 25 අතරට ශ්‍රී ලංකාව ද එක්විය.
  • ජාත්‍යන්තර මුහුදේ ධීවර මෙහෙයුම් වල නිරත ධීවර යාත්‍රාවක් මගින් ක්‍රියාත්මක කළ යුතු ජාත්‍යන්තර සංරක්ෂණ හා කළමණාකරන පියවර අනුගමනය කිරීම සඳහා අනුකූලතාවය දැක්වීමට ශ්‍රී ලංකාව 2014 අගෝස්තු 29 වන දින එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අනුකූලතා ගිවිසුමට එකඟතාවය පළ කර ඇත.
  • නීති විරෝධී, වාර්තා නොවන හා නියාමනය නොකරන ලද ධීවර කර්මාන්තය වැළැක්වීම, බාධා කිරීම හා ඉවත් කිරීම සඳහා වූ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ජාත්‍යන්තර ක්‍රියාකාරී සැලැස්මට අනුකූලව ශ්‍රී ලංකාව මගින් ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර ක්‍රියාත්මක කර ඇත.
  • ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට අනුකූල වන පරිදි, ධීවර සම්පත් සංරක්ෂණය, කළමනාකරණය හා කාලීන අවශ්‍යතාවට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කර ඇත.
  • ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ධීවර කටයුතු කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය ධීවර හා ජලජ සම්පත් පනත මගින් ලබාදී ඇත. ඩයිනමයිට් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තහනම, විෂ සහිත හා සිහි මුර්ජා තත්ත්වයට පත්වන ආකාරයේ ද්‍රව්‍ය හෝ වෙනත් හානිකර ද්‍රව්‍ය හෝ සඳහා වැදගත් ප්‍රතිපාදන අන්තර්ගත කිරීම, විනාශකාරී ධීවර කටයුතු සඳහා දඩ මුදල් වැඩි කිරීම, මත්ස්‍යයින් හා ජෛව විවිධත්වය රැකගැනීම වෙනුවෙන් ජීවී මසුන්, මත්ස්‍ය බිත්තර හා මත්ස්‍ය පැටවුන් ආනයනය හෝ අපනයනය තහනම් කිරීම, ධීවර කළමනාකරණ කලාප ප්‍රකාශයට පත්කිරීම, මත්ස්‍ය සංචිත ඇති කිරීම, මත්ස්‍ය සංරක්ෂණය වෙනුවෙන් විවෘත හා සංවෘත වාර ක්‍රියාත්මක කිරීම ආදී වශයෙන් වැදගත් ප්‍රතිපාදන අන්තර්ගත කර ඇත. අදාළ නියෝග ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන මගින් කරුණු ප්‍රකාශයට පත් කොට ඇත.
  • තිරසාර ඉලක්ක සපුරා ගැනීම උදෙසා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය ආයතනික වශයෙන් එහි නියාමන අංශය වන ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව (DFAR) හා පර්යේෂණ අංශය වන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සහ අනෙකුත් පාර්ශවකරුවන් හා එක්ව රාජ්‍ය සහාය සහතික කිරීම සඳහා ආයතනික සැකැස්මකින් යුත් ක්‍රමවේද සකස් කර ඇත.
  • වඳවීමේ තර්ජනයට ලක්වූ සත්ව හා වෘක්ෂලතා විශේෂයන් පිළිබඳ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සම්බන්ධතා ලක්ෂ්‍ය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වේ. මෙම සම්මුතිය ශ්‍රී ලංකාව විසින් අනුමත කර ඇති අතර, තර්ජනයට ලක් වී ඇති ධීවර සම්පත් සංරක්ෂණය කිරීම සඳහා අදාළ අවශ්‍යතාවන් සපුරා ගැනීමට ද පියවර ගෙන ඇත.

නවතම පුවත්

Youtube