ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා ඊයේ (මැයි 21) සිය රාජකාරි භාර ගත්තේය.
ඒ නිමිත්තෙන් ඔහු පිළිගැනීමේ උත්සවයක් සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශයේ හිටපු ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාට සමුදීමේ උත්සවයක්ද පැවැත්විණි.
මෙම උත්සවය ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය ගරු රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතන ප්‍රධානීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් මෙම අවස්ථාවට සහභාගී වූහ.