41d1cd2f 9249 4b9d 84d6 02ff42b2200c

ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනය කොට නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය විසින් රුපියල් මිලයන 03ක් ලබා දීම මේ මොහොතේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් තමන් අතිශය අගය කරන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

එම මුදල් ලබා දීම වෙනුවෙන් ධීවර අමාත්‍යාංශය හා ජපන් තානාපති සහ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක අතර ගිවිසුම් ගත වීමේ උත්වයේදී ඒ මහතා එසේ පැවසීය. 2024.04.25 වන දින  එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධාන කාර්යාලය පිහිටි කොළඹ UNO ගොඩනැගිල්ලේදී මෙම ගිවිසුම් ගත වීම පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තය දිවයින පුරාම සෑම දිස්ත්‍රික්කයක් තුලම සිදු කරන බවත්, මෙම කර්මාන්තයට අවශ්‍ය මාළු පැටවුන් ලබා ගැනීම සදහා අවශ්‍ය තරම් අභිජනන මධ්‍යස්ථාන නොතිබීම නිසා මෙම කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ට මත්ස්‍යයින් වගා කිරීම දැඩි දුෂ්කරතාවයක් වී ඇති බවද පැවසීය. තවද ඒ සදහා විසදුම් ලබා දීමටත් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය හරහා ජපන් රජය ඩොලර් මිලියන 03ක ආධාරයක් ලබා දීම පිළිබදව තමන් ජපන් රජයට ස්තුති වන බව ද පැවසීය.

මෙම ඩොලර් මිලියන 03ක ආධාර මුදලින් මඩකලපුව, මුලතිව්, අනුරාධපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල ප්‍රජාව විසින් ක්‍රියාත්මක කරන කුඩා අභිජනනාගාර හතරක් ස්ථාපිත කිරීමටත් මෙම අභිජනනාගාරවල මසුන් පැටවුන් බිහිකිරීමේ හැකියාව වැඩි කිරීම සදහා නැක්ඩා ජලජීවී වගා සංවර්ධන මධ්‍යස්ථාන හතරක් සහ ප්‍රජාව විසින් මෙහෙයවනු ලබන අභිජනනාගාර වැඩිදියුණු කිරීම, ධීවර ප්‍රජාවන් අතර කූඩුතුල මසුන් ඇති කිරීම ප්‍රවර්ධනය හා ප්‍රජාවගේ ජීවනෝපාය හැකියාව සංවර්ධනය කිරීම මගින් ආහාර හා පෝෂණය සුරක්ෂිතභාවය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන බවද අමාත්‍යවරයා පැවසීය.

එසේම මිරිදිය ධීවර කර්මාන්තය ස්ථාපිත කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදීම සිදුකිරීම හා මත්ස්‍ය අභිජනන වගාව කළමණාකරනය කිරීමට අවශ්‍ය සියලුම උපකරණ හා දැනුම මෙම ව්‍යාපෘතිය හා ලබාදීමට කටයුතු කර ඇති බවද පැවසූ අමාත්‍යවරයා ඉදිරි කාලයේදී උතුරු පළාතේ කිලිනොච්චිය දක්වා  ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් එය ඉතා වටිනා බවද පැවසීය.

ජපන් තානාපති ගරු මසුකොෂි මහතා සිය කථාවේදී ප්‍රකාශ කර සිටියේ  ජපානය සහ ශ්‍රී ලංකාව යන දූපත් දෙකම අපගේ ආර්ථිකයන් සහ සංස්කෘතීන් තුල ධීවර කර්මාන්තයේ වැදගත්කම පිළිබදව ගැඹුරින් මුල් බැසගත් අගය කිරීම් බෙදා ගන්නා  ජාතීන් බවද මෙම හවුල්  වැදගත්කම හදුනාගනිමින් ජපානය 2023 වසරේ සිට ශ්‍රී ලංකාවේ ධීවර කටයුතු සංවර්ධනයට , විශේෂයෙන් සමුද්‍රීය ක්ෂේත්‍රයට සහාය දැක්වීමට කැප වී සිටින බවද පැවසීය. මෙම  අඛන්ඩ උත්සාහයට සමගාමීව මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කරන බවද ශ්‍රී  ලංකාවේ ධීවර කටයුතු ශක්තිමත් කිරීමටත් එමගින් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆැන්වේ  මහතා  හා ශ්‍රී ලංකාවේ FAO නියෝජිත විමලේන්දුන් ශරන් මහතා, ධීවර අමාත්‍යාංශ ලේකම් නයනා කුමාරි සෝමරත්න මහත්මිය ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දක්වන ලදි. මෙම අවස්ථාවට ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් එක්ව සිටින ලදි.

WhatsApp Image 2024 04 25 at 16.17.09

fcbf8935 fc02 44e1 952b 9c357bf16b43

WhatsApp Image 2024 04 25 at 16.17.07

නවතම පුවත්

Youtube