03 Nov 2025
උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදනය ආරම්භ කෙරේ.

උතුරු හා නැගෙනහිර පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම සඳහා ඇති හැකියාවන්, අභියෝග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය, රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ මූලිකත්වයෙන් කොළඹ පාදුක්ක ප්‍රදේශයේ පිහිටි හරිත විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ ලේකම් බී.කේ. කෝලිත කමල් ජිනදාස මහතා, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන අංශයේ ව්‍යවසායකයින්, කර්මාන්ත විශේෂඥයින් සහ අදාළ නිලධාරින් රැසක් සහභාගී විය.

අමාත්‍යවරයා මෙම අවස්ථාවේදී පැවසූවේ, විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට නවෝත්පාදන හා ආදායම් උත්පාදන අංශයක් ලෙස සුවිශේෂී දායකත්වයක් ලබා දෙන බවත්, ජාත්‍යන්තර වෙළඳපොළවල තුල මෙම ක්ෂේත්‍රයට ඉතා ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමුකල යුතු බවත් ය.

අමාත්‍යවරයා විසිතුරු මත්ස්‍ය නිෂ්පාදකයින් හා කර්මාන්ත විශේෂඥයින් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින්, වත්මන් නිෂ්පාදන හා අපනයන ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග, නව තාක්ෂණික අවශ්‍යතා, නිෂ්පාදන ප්‍රමිතීන් සහ ජාත්‍යන්තර වෙළඳපොළ ප්‍රවේශය සම්බන්ධ ගැටලු පිළිබඳව සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, උතුරු හා නැගෙනහිර පළාත්වල ස්වභාවික ජල සම්පත් ප්‍රභව පවතින නිසා එම පළාත්වල විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ගොවිපලවල් පිහිටුවීමට විශාල හැකියාවක් පවතින බවත්, ඒ සඳහා රජයේ සහාය, පුහුණු වැඩසටහන් හා තාක්ෂණික උපකාර ලබා දීමට කටයුතු කරන බවත්ය.

මෙම සාකච්ඡාවේ අවසානයේදී ජාතික මට්ටමින් විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන හා අපනයන අංශය ක්‍රමවත් ලෙස සංවර්ධනය කිරීම සඳහා ඒකාබද්ධ ක්‍රියාත්මක සැලැස්මක් සකස් කිරීමේ පූර්ව සාකච්ඡාවක් ද පැවැත්වුණි

Share

නවතම පුවත්
ධීවර යාත්‍රා 1,500 කට නිරීක්ෂණ පද්ධති (VMS) සවිකිරීමේ සම්පූර්ණ පිරිවැය රජය දරයි: ජාවාරම් මැඩලීමට මෙන්ම ආපදා අවස්ථාවලදී ධීවරයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමට ගත් සුවිශේෂී කැබිනට් තීරණයක්
විසිතුරු මත්ස්‍ය කර්මාන්තය නංවාලීමට ‘දිට්වා’ සහන ප්‍රදානය කෙරේ : සෑම මාස තුනකටම වරක් නව මව් මසුන් ආනයනය කිරීමට අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගෙන් උපදෙස්
ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර ධීවර සහයෝගීතාව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට විශේෂ එකඟතාවක්
කළුතර දිස්ත්‍රික්කයේ ධීවර ගැටලු විසඳීමට කඩිනම් පියවර: ධීවර වරාය හා තොටුපළ සංවර්ධනය වේගවත් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්
ධීවර කර්මාන්තය නවීකරණය කරමින් තරුණ පරපුර සවිබල ගැන්වීමට ධීවර දෙපාර්තමේන්තුව සහ ජර්මනියේ DVV International ආයතනය අතර විශේෂ ගිවිසුමක්
උතුරු - නැගෙනහිර ධීවර වරායන් සහ ජලජීවී වගා ක්ෂේත්‍රය නංවාලීමට ලෝක බැංකු සහාය: ‘REVIVE 1’ ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සැප්තැම්බරයේ ඇරඹේ
1 2 3 17