16 September 2026
ඉලක්කගත මූල්‍ය සම්බාධක (TFS) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී...
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මුතීන්ට (UNSCRs 1267 සහ 1373) අනුකූලව, ත්‍රස්තවාදී මූල්‍යකරණය සහ සමූහ සංහාරක ආයුධ පැතිරවීම වැළැක්වීමේ අරමුණින් යුත් ඉලක්කගත මූල්‍ය සම්බාධක (TFS) රාමුව ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍යාංශයේ සහ ධීවර දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය (FIU) විසින් අද (16) දින ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම වැඩසටහනේදී අමාත්‍යාංශයේ සහ ධීවර දෙපාර්තමේන්තුවේ අදාළ අංශවල වගකීම් සහ TFS රාමුව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු කිහිපයක් සාකච්ඡා කෙරිණි:
✅ විශේෂයෙන්ම අදාළ TFS සහ නම් කරන ලද පුද්ගලයින්ගේ තොරතුරු වෙත පහසුවෙන් ප්‍රවේශ වීම සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයට API පහසුකමක් සැපයීම සහ තොරතුරු තාක්ෂණ පද්ධති හරහා අවශ්‍ය පරීක්ෂාවන් සිදු කිරීම.
✅ බෝට්ටු ලියාපදිංචි කිරීමේ සහ හිමිකම් පැවරීමේ ක්‍රියාවලීන්හිදී අදාළ පුද්ගලයින් හෝ ආයතන නිවැරදිව හඳුනා ගැනීම සහ TFS අනුකූලතාව තහවුරු කිරීම සඳහා පවතින පරිපාලන ක්‍රියා පටිපාටිවලට අදාළ අවශ්‍යතා ඇතුළත් කිරීම.
✅ TFS ක්‍රියාත්මක කිරීමට අදාළ නීතිමය කාරණා මෙන්ම අමාත්‍යාංශය සහ දෙපාර්තමේන්තුව අතර පවතින අදාළ වගකීම් සාකච්ඡා කර පැහැදිලි කරගැනීම.
✅ ඊට අමතරව මෙම වැඩසටහන මඟින් අදාළ අංශවල වගකීම් පිළිබඳව මනා පැහැදිලි කිරීමක් ලබා දුන් අතර, ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය මූල්‍ය බුද්ධි ඒකකය සමඟ සම්බන්ධීකරණය වෙමින් යෝජිත API පහසුකම ක්‍රියාත්මක කිරීමටත්, කළමනාකරණ හා නීති අංශ විසින් අදාළ පරිපාලනමය හා නීතිමය අවශ්‍යතා ඉටු කිරීමත් යනාදී කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එන්.ඒ.ඒ.පී.එස් නිස්සංක මහත්මිය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපති බී.ඒ.පී. කපිල මහතා, ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති කිත්සිරි ධර්මප්‍රිය මහතා ඇතුළු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙම සහභාගී වූහ.











