Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
11 September 2026
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ

‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව තිබූ කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර සමිතියේ ධීවර තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10.09.2026) නිල වශයෙන් ආරම්භ කරන ලදී.

සාවර්කට්ටු ධීවරයින්ගේ දීර්ඝකාලීන ඉල්ලීමට අනුව, අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලද ඉල්ලීමකට පියවර ගනිමින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු වෙතින් නිසි අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව, ධීවර අමාත්‍යාංශය මගින් මුල් අදියර යටතේ රුපියල් මිලියන 2.1 ක මුදලක් වෙන් කර ඇත.

මේ අනුව, තොටුපොළේ රැඳී ඇති පාසි ඉවත් කර පිරිසිදු කිරීම, පස් පුරවා තොටුපොළ සකස් කිරීම ඇතුළු කටයුතු සිදු කිරීමට නියමිත අතර, ධීවරයින්ට කිසිදු බාධාවකින් තොරව සිය ධීවර කර්මාන්තයේ නිරත විය හැකි වන පරිදි මෙම තොටුපොළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.

මෙම තොටුපොළ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රදීපන් මහතා, ප්‍රාදේශීය ලේකම්වරයා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ අකිලන් මහතා ඇතුළු ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම්බන්ධීකාරක මෙන්ම යාපනය මහ නගර සභා මන්ත්‍රී සුන්දරමූර්ති කපිලන් මහතා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් රාජ්‍ය දෙපාර්තමේන්තුවල නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ධීවර සමිති නිලධාරීන් සහ සාවර්කට්ටු ප්‍රදේශයේ ධීවරයින් විශාල පිරිසක් සහභාගී වූහ.

Latest News