19 June 2026
"දිට්වා" සුළි කුණාටුවෙන් පීඩාවට පත් යාපනය, මුලතිව් සහ මන්නාරම ධීවරයින්ට බෝට්ටු සහ දැල් පරිත්‍යාග කෙරේ.

පසුගිය වසරේ බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් වූ යාපනය, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්කවල ධීවර ජනතාව වෙත බෝට්ටු සහ ධීවර දැල් පරිත්‍යාග කිරීමේ විශේෂ උත්සවයක් ඊයේ (18) කරෙයිනගර් ‘සී නෝර්’ (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලා පරිශ්‍රයේදී පැවැත්විණි.

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී විපතට පත් ධීවරයින් වෙත මෙම ආධාර බෙදා දෙන ලදී.

මෙහි පළමු අදියර යටතේ රුපියල් මිලියන 1.800 ක් වටිනා ධීවර දැල් 32 ක් සහ රුපියල් මිලියන 8.640 ක් වටිනා බෝට්ටු 18 ක් ධීවරයින් වෙත ප්‍රදානය කෙරිණි. රුපියල් 480,000 බැගින් වටිනා මෙම බෝට්ටු 18 න් බෝට්ටු 03 ක් යාපනය දිස්ත්‍රික්කය සඳහා ද (ඩෙල්ෆ් බෝට්ටු 02 ක් සහ කරෙයිනගර්ට බෝට්ටු 01 ක් වශයෙන්), මුලතිව් දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 13 ක් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා බෝට්ටු 02 ක් වශයෙන් වෙන් කර තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට යාපනය දිස්ත්‍රික් අතිරේක රාජ්‍ය නියෝජිත (දිසාපති) කේ. සිවකරන්, කාරේනගර් ප්‍රාදේශීය ලේකම් නිරංජනා නවරත්නම්, කාරේනගර් සී නෝර් (Sea Nor) බෝට්ටු කර්මාන්තශාලාවේ අධ්‍යක්ෂ රොහාන් ජයලත්, සී නෝර් බෝට්ටු අලුත්වැඩියා කිරීමේ සමාගමේ සභාපති වසන්ත මනප්පෙරුම, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ යාපනය දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ අකිලන්, මුලතීවු දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ සුධාකර්, මන්නාරම දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ රාමේෂ්කන්නා යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු නිලධාරීන් සහ ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වූහ.

Share

Latest News

පුත්තලම සිට පොතුවිල් දක්වා ධීවර තහනම තවදුරටත්: මුහුදේ පාවෙන බහාලුම් 15ක් පිළිබඳව ධීවරයින් අවධානයෙන් පසුවන්න - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
🟥Update 6.25 P.M.කොළඹ වරායට ඔබ්බෙන් මුහුදට වැටුණු හිස් බහාලුම් 17ක් දකුණු දෙසට පාවෙයි: ධීවර යාත්‍රා සඳහා හදිසි අනතුරු ඇඟවීමක්
අයහපත් කාලගුණය නිසා අනතුරට පත් ධීවරයින් මුදාගැනීමට නාවික හා ගුවන් හමුදා ඒකාබද්ධ මෙහෙයුමක්: සෝදිසි කිරීම් කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතාගෙන් උපදෙස්
කොළඹට බස්නාහිර මුහුදේ වෙළඳ නෞකාවකින් බහාලුම් (කන්ටේනර්) 17ක් මුහුදට වැටේ: ධීවර ප්‍රජාවට හදිසි අනතුරු ඇඟවීමක්
බස්නාහිර සහ වයඹ මුහුදු තීරය ඉතා රළු වෙයි: යාපනයේ සිට බේරුවල දක්වා කුඩා යාත්‍රා මුහුදු යාම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
දිවයින වටා මුහුදු තීරය අතිශය රළු වෙයි: ධීවරයන්ට රතු නිවේදනයක් සහ දැඩි ආරක්ෂක විධිවිධාන – ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්
1 2