Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
08 October 2026
කච්චතිව් ගැටලුව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිරීක්ෂණය සාදරයෙන් පිළිගන්නවා – අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්

කච්චතිව් දූපත සහ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මුහුදු සීමාව සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති නඩු විභාගයකදී, ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටින ලෙස තමිල්නාඩු ධීවරයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අධිකරණය සිදු කළ නිරීක්ෂණ සාදරයෙන් පිළිගන්නා බව ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවෙන් යළි ලබාගත යුතු බව ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සම්බන්ධයෙන් පැවති විභාගයේදී, ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සංජය කුමාර් මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල, තමිල්නාඩු ධීවරයන් ජාත්‍යන්තර මුහුදු සීමාව ඉක්මවා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වැළකී සිටීම සඳහා ඔවුන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ.

විශේෂයෙන්ම කච්චතිව් ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු නොවන ලෙස තමිල්නාඩු ධීවරයන්ට පැහැදිලි උපදෙස් සහ අවශ්‍ය දැනුවත් කිරීම් ලබාදිය යුතු බව අධිකරණය අවධාරණය කර තිබීම, දෙරට අතර පිළිගෙන ඇති ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝණය කිරීමේ වැදගත්කම පැහැදිලි කරයි.

තවද, නඩු විභාගය අතරතුරදී විනිසුරු සංජය කුමාර් මහතා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවකදී එරට ජනතාව වෙරළ තීරයන් සහ පොදු ස්ථානවල පරිසරය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දැක්වූ සමාජ වගකීම තමන් නිරීක්ෂණය කළ බව සඳහන් කර ඇත. ශ්‍රී ලංකාවේ ජනතාව පොදු ස්ථානවල කැළි කසළ බැහැර නොකර පරිසරය ආරක්ෂා කිරීමට දක්වන අවධානය තමන්ගේ විශේෂ අවධානයට ලක් වූ බවද ඔහු පවසා තිබේ.

ශ්‍රී ලාංකීය ජනතාව තුළ පවතින එවැනි සමාජ වගකීම සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම කෙරෙහි දක්වන අවධානය, සාගර සම්පත් සංරක්ෂණයට ද සාධනීය දායකත්වයක් ලබාදිය හැකි බව විනිසුරුවරයා සිය නිරීක්ෂණයේදී පෙන්වා දී තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා මුහුදු සීමාවේ පවතින මත්ස්‍ය සම්පත් තත්ත්වය සම්බන්ධයෙන්ද ඔහු අදහස් පළ කර ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ මෙසේය:

“ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී ධීවර කටයුතුවල නිරත වීමෙන් වළකින ලෙස තමිල්නාඩු ධීවරයන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සිදු කර ඇති නිරීක්ෂණය අපි සාදරයෙන් පිළිගනිමු.

ශ්‍රී ලංකාවේ සාගර සම්පත් සහ සාගර පරිසරය ආරක්ෂා කිරීම අප රජයේ ප්‍රමුඛ වගකීමකි. අපගේ මුහුදු සීමාවේ සිදුවන නීති විරෝධී සහ විනාශකාරී ධීවර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අපි අඛණ්ඩව විරෝධය පළ කරමින් සිටිමු.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වන විදේශීය ධීවර යාත්‍රා සහ විශේෂයෙන්ම මුහුදු පත්ලට හානි සිදුකරන ආකාරයේ ධීවර ක්‍රම භාවිත කිරීම, උතුරු පළාතේ ධීවර ජනතාවගේ ජීවනෝපායට මෙන්ම අපගේ සාගර සම්පත්වලටද බලපෑම් ඇති කරයි.

එබැවින් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගරු කිරීමත්, එක් එක් රටවල සාගර සම්පත් සහ ධීවර ජනතාවගේ ජීවනෝපාය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමත්, දෙරට අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වේ.

Latest News