Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Ministry of Fisheries,
Aquatic & Ocean Resources

Share
3 July 2026
ශ්‍රී ලංකාව සහ ස්පාඤ්ඤය අතර ධීවර සහයෝගීතාව සහ තාක්ෂණික දැනුම හුවමාරු කර ගැනීමට විශේෂ එකඟතාවක්

ස්පාඤ්ඤ තානාපති කාර්යාලයේ කෘෂිකර්ම, ධීවර හා ආහාර උපදේශක හුවාන් මැනුවෙල් වෙලස්කෝ ලියොන් (Juan Manuel Velasco León) මහතා සහ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා අතර විශේෂ නිල හමුවක් අද (03) අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.

ඉන්දියන් සාගර කලාපය තුළ ටූනා මත්ස්‍ය කර්මාන්තයේ නිරත ප්‍රමුඛ රටක් ලෙස ස්පාඤ්ඤය, ශ්‍රී ලංකාව සමඟ ධීවර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇති කැමැත්ත මෙහිදී ප්‍රකාශ කළේය. විශේෂයෙන්ම ඉන්දියන් සාගරය තුළ නීති විරෝධී, වාර්තා නොවන සහ විධිමත් නොවන (IUU) ධීවර කටයුතු මර්දනය කිරීම සඳහා දෙරට ඒකාබද්ධව කටයුතු කරන ආකාරය සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු විය.

එසේම, ජාතික දේශ සීමාවට ඔබ්බෙන් පිහිටි ප්‍රදේශවල සමුද්‍ර ජෛව විවිධත්වය පිළිබඳ ගිවිසුම (BBNJ Agreement) ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීමටත්, ඒ සඳහා අවශ්‍ය ධීවර ක්ෂේත්‍රයේ මානව සම්පත් වර්ධනය උදෙසා සහය වීමටත් ස්පාඤ්ඤ නියෝජිතයා එකඟතාව පළ කළේය.

ස්පාඤ්ඤය සතු දියුණු ජලජීවී වගා තාක්ෂණය, විශේෂයෙන්ම Mussels සහ Oyster වගා ක්‍රමවේදයන් මෙන්ම ටූනා මසුන් ඇල්ලීමේදී භාවිත කරන නවීන Tuna and Purse Seiners යාත්‍රා තාක්ෂණය පිළිබඳ දැනුම ශ්‍රී ලංකාව සමඟ හුවමාරු කර ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු විය.

ඉදිරියේදී දෙරට අතර ධීවර ක්ෂේත්‍රයේ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව තාක්ෂණය මෙරටට ලබා ගැනීම පිළිබඳව සාධනීය බලාපොරොත්තු පළ වූ මෙම සාකච්ඡාව සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) උසස් නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

Share

Latest News

ඉලක්කගත මූල්‍ය සම්බාධක (TFS) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේදී
ශ්‍රී ලංකා ධීවර සමිති නියෝජිතයින් සඳහා ඉන්දියාවේ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන ආරම්භ වෙයි.
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් කාක්කයිතීවු සාවර්කට්ටු ධීවර තොටුපොළ යළි සංවර්ධනය කෙරේ
ඔලුවිල් වරාය නැවත සක්‍රීය කිරීමට ඒකාබද්ධ පියවර - ධීවර ජනතාවගේ ජීවනෝපාය සහ සාගර සම්පත් සුරැකීමට රජයෙන් පියවර – නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ
COFI 37 හිදී ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රතිපත්තිය සහ කලාපීය සහයෝගීතාව පිළිබඳ ප්‍රධාන යෝජනා රැසක් ඉදිරියට. ඩිජිටල් පරිවර්තනය, දත්ත කළමනාකරණය සහ සුළු පරිමාණ ධීවර කර්මාන්තයට ප්‍රමුඛතාව දිය යුතු බව ශ්‍රී ලංකාව අවධාරණය කරයි.
ශ්‍රී ලංකා ධීවර සමිති වල නියෝජිතයින්ගේ ඉන්දීය සංචාරය – කළමනාකරණය සහ ආර්ථික බලගැන්වීම පිළිබඳ විශේෂ පුහුණුවක්
1 2 3 10